Slide Cloud computing හැකියා ඉගෙනීමට සහ AWS සහතිකය ලත් වෘත්තිකයකු ලෙස සූදානම් වීමට අනගි අවස්ථාවක් Curve up- AWS re/Start වැඩසටහනට ඇතුළත් වී ඔබේ වෘත්තිය මනා ලෙස හැඩගස්වා ගන්න.! දැන්ම ලියාපදිංචි වන්න CLOUD හි ඔබේ රැකියාව අරඹන්න English தமிழ்

හැදින්වීම

AWS re/Start යනු, පූර්ණ කාලීන සහ පන්ති කාමර මත පදනම් වූ කුසලතා සංවර්ධන සහ පුහුණු වැඩසටහනක් වේඑමඟින් cloud හි සිටින පුද්ගලයන් රැකියාවට සූදානම් කරනු ලැබ මූලික මට්ටමේ cloud රැකියා සඳහා ඔවුන්ව හැකියාවැති සේවායෝජකයන් සමඟ සම්බන්ධ කෙරේ.

අවස්ථා මත පදනම් වූ ඉගෙනුම සහ අත්දැකීම ලැබෙන පරීක්ෂණ මඟින්, මූලික මට්ටමේ cloud භූමිකා සඳහා සිසුන්ට අවශ් තාක්ෂණික කුසලතා ලබා ගත හැකිය. AWS re/Start මඟින් , අනුවර්තී සන්නිවේදනය, කාල කළමනාකරණය, සහ සහයෝගිත්වය ආදී වෘත්තිමය කුසලතා ගොඩනැඟීම අරමුණු කෙරේ. සති 12 පුහුණුවෙන් පසු, සහයෝගීත්ව සංවිධාන විසින් AWS re/Start වැඩසටහනේ උපාධිධාරීන්ව, හැකියාවැති සේවා යෝජකයන් සමඟ සම්බන්ධ කරනු ලැබේ.

සති 12ක ඉගෙනුම් ගමනේ දිගු කාලීන ප්‍රතිලාභ

aws-certification-gocurveup

ඩිජිටල් ලාංඡනයක් සහිත AWS සහතිකයක්

Technical_and_soft_skills-curveup

Cloud මත පදනම් වූ රැකියා සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මෘදු කුසලතා

කර්මාන්ත මට්ටමේ සේවා යෝජකයන්ගෙන් ලබන රැකියා අවස්ථා

මෙහෙවර ප්‍රකාශය

මූලික මට්ටමේ පවතින, වෙනස් ආකාරයේ cloud පිළිබඳ ප්‍රතිභාවක් ගොඩනැඟිම

AWS re/Start වැදගත් වන්නේ ඇයි?

මෙම වැඩසටහන මඟින් පුද්ගලයන්ට සිය කුසලතා වර්ධනය කරගෙන සිය රැකියා මාර්ගය තුළ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට හැකිවේ. අනාගත අභිවෘද්ධිය සඳහා තොරතූරු තාක්ෂණ කුසලතා වැඩිදියුණු කර ගැනීමට සහ දැනුම ලබා ගැනීමට සෑම පුද්ගලයකුටම අනිවාර්ය වී ඇති අතර, මුළු මහත් ලෝකයටම බලපෑමක් සිදු කිරීමට සහ විශාල වෙනසක් සිදු කිරීමට ද එය සමත්ව ඇත. උනන්දුවක් දක්වන සිසුන් සඳහා ධනාත්මක ආභාසයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නොමිලේ පවත්වනු ලැබේ. වටිනා අවස්ථාව ලබාගෙන අප සමග එක්වන්න!

ඉලක්කගත ප්‍රජාව

පූර්ණ කාලීන රැකියා සොයන්නන්

Cloud හැකියාව රහිත උපාධිධාරීන්

නව ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්

තාක්ණික නොවන පරිසරවල සිට පැමිණෙන පුද්ගලයන්

සමූහවල තොරතුරු

1 වන සැසිය

අප්‍රේල්- ජූනි
උදෑසන සැසි

2 වන සැසිය

ජූලි – ඔක්තෝබර්
උදෑසන සැසි

3 වන සැසිය

ඔක්තෝබර් – දෙසැම්බර්
උදෑසන සැසි

4 වන සැසිය

අගෝස්තු – ඔක්තෝබර්
සවස සැසි

5 වන සැසිය

සැප්තැම්බර්- නොවැම්බර්
උදෑසන සැසි

6 වන සැසිය

සැප්තැම්බර්- නොවැම්බර්
සවස සැසි

ඉගෙනුම් පරමාර්ථ

විෂයමාලාව

මෙම වැඩසටහන, AWS මූලික සේවා ආශ්‍රිත හැකියා වර්ධනය කර ගැනීම සඳහා පුද්ගලයන්ට උපකාර වන අතර, මෙමඟින්, Cloud තාක්ෂණයේ වාසි, එමඟින් පිරිනැමෙන ප්‍රධාන තාක්ෂණ (පරිගණනය, ආචයනය, ජාලකරණය, ආරක්ෂණය සහ දත්ත සමුදාය) සහ ක්‍රමලේඛන සංකල්ප ආදී Cloud සංකල්ප පිළිබඳ මූලික හැදින්වීම ආවරණය කෙරේ.